2026 මාර්තු 25 බදාදා, 09:12
නවතම පුවත්

ජවිපෙ මැර කල්ලියේ පහරදීම ගැන පුබුදු ජයගොඩ කියන කතාව

යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට ඊයේ (02 වැනිදා) උදේ කඩු, පොලු රැගෙන කඩාවැදුණු 150කට අධික මාලිමාවේ බවට කිව හැකි මැර පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහරදී බලහත්කාරයෙන් එම කාර්යාලය අත්පත් කරගෙන රැඳී සිටින බවත් මෙහිදී කාන්තාවක ඇතුළු 16 දෙනකු තුවාල ලැබූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

තුවාල ලැබූ 6 දෙනකු ගම්පහ රෝහලට ඇතුළත් කළ බවද ඒ මහතා කියා සිටියේය. මෙලෙස පැමිණි මැර පිරිස අතර ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආණ්ඩු පක්ෂ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවිධායකවරුන් සිටි බවද මෙම ම්ලේච්ඡ ප්‍රහාරය නැවැත්වීමට පොලිසිය කිසිදු මැදිහත්වීමක් නොකළ බවටද ඔහු චෝදනා කළේය.

පුබුදු ජයගොඩ මහතා මෙහිදී තවදුරටත් කියා සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතු වූ මෙම කාර්යාලය අවුරුදු 13ක් තිස්සේ පක්ෂය විසින් පරිහරණය කළ ස්ථානයක් බවයි.

පෙරටුගාමී පක්ෂයේ මැතිවරණ කටයුතු පක්ෂ සංවිධාන කටයුතු, බහුජන මැදිහත්වීම් ආදී සියලු නිල කටයුතු මෙම ස්ථානය මූලික කරගෙන ක්‍රියාත්මක වූ බවද ඒ මහතා කීය.

නඩු තීන්දුවක් ඇතැයි කියමින් ආණ්ඩුවේ පිරිස් මෙම ස්ථානයට කඩා පැනීම කිසිසේත් යුක්ති සහගත නැති බවද ඒ මහතා කීය.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මහතා පැවසුවේ පහරදීම සිදු කළේ ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් බවයි.

තවදුරටත් පුබුදු ජයගොඩ තම ෆේස්බුක් ගිණුමේ මේ පිළිබදව මෙසේ පළ කර ඇත.

ඔහු සමාජ මාධ්‍යවල පළ කළ ප්‍රකාශයේදී මෙසේ ප්‍රශ්න කළේය:

යැවූ අධිකරණ නියෝගය ලැබූ තොරතුර සත්‍යද?

අධිකරණ නියෝගයක් තිබේ නම්, එය අධිකරණය මගින් රේජිස්ට්‍රාර්වරයා පිටකරන ලියුමක් බවට සනාථ කළ හැකිද?

මෙවැනි නියෝගයක් පසුගිය රටේ ඉතිහාසයේදී පූර්ව පරිප්‍රේක්ෂයක් තිබේද?

පැමිණිල්ලක් නොමැතිව නියෝගයක් නිකුත් වීම නීතිගතද?

ඇතැම් නීතිඥයින්ගේ දක්වන අදහස් අනුව, මෙය අධිකරණ අතුරුදන්වීමක් ලෙස සැලකිය හැකිද?

නියෝගයක් නැතිව රේජිස්ට්‍රාර්වරයෙකුට මෙවැනි අධිකරණ කටයුත්තක් සිදු කිරීමට අවසර තිබේද

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories