හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
කොච්චිකඩේ පොලීසියට අත්අඩංගුවට පත්වූ ඔහු අද (29) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මෙම නියෝගය ලබා දී ඇත්තේ 2006 වසරේ උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධ චෝදනා පිළිබඳවය.