හිටපු රාජ්‍ය ඇමති නිමල් ලන්සා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔහු අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
2006 වසරේ පළාත් පාලන ආයතන මැතිවරණ සමයේ සිදු වූවා යැයි කියන පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධව වසර 20කට පසුව නිමල් ලාන්සා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකරු අදාල පැමිණිල්ල ඉවත් කරගන්නා බවටත්, දෙපාර්ශ්වය සමථයකට පත්වන බවටත් ගරු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව නිමල් ලාන්සා මහතාගේ නීතීඥවරු තහවුරු කරයි.”