රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (25) සිදු කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා ඇත.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ මෙම වර්ජන ක්‍රියාමාර්ගය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ අත් හිටුවීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිඳුවන අවිධිමත්, අකාර්යක්ෂම, විනිවිදභාවයකින් තොර ක්‍රියාවලින් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සම්පූර්ණයෙන් පාහේ බිඳ වැටීම ඇතුළු ගැටළු කිහිපයක් ඉදිරිපත් කර තිබුණි. අමාත්‍යවරයා මෙම ගැටළු සඳහා ලබා දුන් ලිඛිත සහතිකයක් මත මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.