ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් පසු, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, මේ වනවිට විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රී රැසකගෙන්ම මෙම පැමිණිලි සකස් කරමින් පවතින බවයි. මේ වනවිටත් කිහිපයක් අන්තර් පාර්ලිමේන්තු සංගමයට ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ට කතා කිරීමට අවශ්‍ය කාලය සීමා කිරීම, ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී බාධා එල්ල වීම සහ කතානායකවරයා නිසි පරිදි කාලය බෙදා නොදීම වැනි කරුණු මෙම පැමිණිලිවල සටහන් වී ඇති බවද ඔහු අවධාරණය කළේය.
මෙම ගැටලු සැලකිල්ලට ගෙන, අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් සාධාරණ මැදිහත් වීමක් සිදු කරන ලෙසත් තමන් ඉල්ලා සිටින බව මන්ත්‍රී කාවින්ද ජයවර්ධන තවදුරටත් ප්‍රකාශ කළේය.