2026 ජූලි 29 බදාදා, 04:36
නවතම පුවත්

මිහින්තලේ හාමුදුරුවන්ට එරෙහි වූ මෙහෙණිවරු

අනුරාධපුර ධම්මානි අනුරපාලි මෙහෙණින් වහන්සේ නායකත්වයෙන් මෙහෙණින්වරුන්ගේ පිරිසක් (21) කොළඹ කොටුව පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ලෙන්, මිහින්තලේ රාජ මහා භාරකාර ධම්මරතන හිමියන් විසින් අනීතික ලෙස අනුලා මහ සෑයට විහාරාධිපතිකමක් ලබාදීම පිළිබඳ විමර්ශනයක් කිරීමට ඉල්ලයි.

“අපේ උරුමය වන අනුලා මහ සෑය, ලංකාවේ පළමු මහරහත් භික්ෂූනී වහන්සේගේ ධාතුන් තැන්පත් වූ පූජා භූමියයි. මේක කණිෂ්ඨතිස්ස රජුගෙන් පටන් ගෙන, මෙහෙණින්වරුන්ටම උරුම කළ ස්ථානයක්. දැන් ඒ පූජා භූමියට කවුරුත් නොතිබූ විහාරාධිපතිකමක් සකස් කරගෙන තමන්ගේ තණ්හාවට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. මේක අපට පිළිගන්න බෑ,” යැයි අනුරපාලි මෙහෙණින් වහන්සේ මාධ්‍ය අමතා සඳහන් කළාය.

උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, අනුලාසෑය ජරාජීර්ණව සිටියදී බෝදාගම චන්දිම නායක හිමියන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් නාගානන්ද විශ්වවිද්‍යාලය සමග එක්ව සංරක්ෂණ කටයුතු ආරම්භ කළ බවයි. නමුත් එම වැඩපිළිවෙල අතරමග මිහින්තලේ නාහිමි ධම්මරතන හිමියන්ගේ කැමත්ත නිසා කඩවා දැමූ බවද උන්වහන්සේ පැවසීය.

“අපිට මෙහෙණින් වහන්සේලාට උරුම ස්ථානයක් ලෝකයට පෙන්වන්න අවස්ථාවක් තිබුණා. නමුත් බොරු චෝදනා, තණ්හාව සහ කුමන්ත්‍රණ නිසා ඒක නතර වෙලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් තැනක කොහොමද විහාරාධිපති කියලා කෙනෙක් පත් වෙන්නේ? මේක අපරාධමය වැඩක්. අපි ඒ ගැන නිසි පරීක්ෂණයක් කරන්න ඕන කියලා අද පැමිණිලි කළා,”

මෙහෙණින්වරුන් වැඩිදුරටත් අවධාරණය කළේ, අනූලාසෑය මෙහෙණි ආරාමයකට යොදා ගැනීමට සහ ඒ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කිරීමට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.

“රටේ මහා නායක ස්වාමීන්ද්‍රයන්ටත් අපේ ඉල්ලීම – මේක හරි අයට, නීතිමය අයුරින්, භික්ෂූනීවරුන්ටම බාර දෙන්න. තණ්හාවෙන් පාරාජිත වෙලා පූජනීය ස්ථාන විනාශ කරන්න දෙනවානම් අපි නිශ්ශබ්දව ඉඳින්නෙ නෑ. නීතියෙන්ම අරගන්නවා,” යැයි අනුරපාලි මෙහෙණින් වහන්සේ වැඩිදුරටත්  සඳහන් කළා ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories