2026 මාර්තු 20 සිකුරාදා, 13:24
නවතම පුවත්

මැණික් පනත භයානකද?

ශ්‍රී ලංකාවෙන් හමුවන පිළිස්සීමෙන් නිල් මැණික් ලෙස අගය වැඩි කළ හැකි පිට ඔට්ටු මැණික් සංචිත ගණනින් විදෙස් රටවලට අපනයනය කළ හැකි අන්දමේ නීති සහ අණ පනත් කඩිනමින් සංශෝධනය කිරීමට රජය ගෙන ඇති පියවර යළි සලකා බලන්නැයි ක්ෂේත්‍රයේ නියලෙන්නන්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත.

එහිදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල උපදේශන කමිටු සාමාජික සබරගමුව විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් අධ්‍යන අංශයේ මහාචාර්‍ය හසින්ත විජේසේකර මහතාද මෙය වහා සලකා බලන්නැයි ජනාධිපති , අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ සම්බන්ධ තොරතුරු ඇතුලත් ලිපියක් ඔවුන් වෙත ලබා දීමටද පසුගියදා කටයුතු කර ඇත.

මෙම පනත් සංශෝධනය සිදු වුවහොත් මැණික් අපනයනයෙන් ලැබෙන විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අහිමි වන බව ඔහු පෙන්වා දෙයි.

මෙහිදී පිළිස්සීමෙන් අගය විශාල ලෙස වැඩි කර ගත හැකි ගෙවුඩ මැණික් එසේ නොකර ස්වභාවික තත්ත්වයෙන් ම අපනයනය කිරීමට හැකිවීම නිසා විශේෂයෙන් කැරට් 1 – 5 අතර ගෙවුඩ මැණික් කිලෝ ගණනින් අපනයනය කිරීමට හැකිවනු ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි කැරට් එකේ රළු ගෙවුඩ කිලෝ එකක ප්‍රමාණයක් අමරිකානු ඩොලර් 10000කටත් , කැරට් පහට අඩු පිට ගෙවුඩ රළු මැණික් කිලෝවක් අමරිකානු ඩොලර් 50000කටත් අලවිවේ . මෙම යෝජනාව සම්මත වුවහොත් රළු මැණික් ග්‍රෑම් 500 බැගින් අලෙවි වෙයි.

මෙසේ මැණික් පුළුස්සා ඔප දැමීම ජීවන වෘත්තිය කරගත් බොහෝ දෙනෙක් දැනටමත් ලංකාව තුළ සිටින නිසා ඔවුන්ට මෙය මරු පහරක් වනු ඇත.

දැනටමත් තාප පිරියම් කිරීමේ යන්ත්‍ර 2000ට වැඩි ප්‍රමාණයක් රට තුළ ඇත. එම යන්ත්‍ර සක්‍රිය භාවිතයට ගැනීමෙන් රළු මැණික් ලෙස අපනයනය කිරීමට වඩා වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාවක් පවතී.

මැණික් ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ කිසිඳු අනුදැනුමකින් තොරව කිහිප දෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා මෙසේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම සිදු කළ යුතුද?

තවමත් මෙරට එවැනි පෞද්ගලික කාරණා උදෙසා අයතා රාජ්‍ය බලය යොදවන බවට මෙය කඳිම නිදසුනකි. සාමාන්‍ය ජනතාව ගැන නොසලකා දේශපාලන අධිකාරිය මෙසේ කටයුතු කිරීම සම්බන්ධව මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට පමණක් නොව සමස්ත පුරවැසියන්ටම ඇත්තේ ගැටළුවකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories