“මාධ්‍ය කියන්නෙ අද වනවිට අත්‍යවශ්‍යම හා නැතිවම බැරි දෙයක් දේශපාලනය හා මාධ්‍ය අතර අන්‍යෝන්‍ය සබඳතාවක් තියෙනවා. මාධ්‍යයෙන් තොර දේශපාලනයකුත්, දේශපාලනයෙන් තොර මාධ්‍යකුත් නැහැ. දේශපාලනයයි මාධ්‍යයි එකිනෙක පෝෂණය කර ගන්නවා”. යැයි විදේශ කටයුතු හා සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා (08) ” ගම්පහ මාධ්‍ය සංවිධානය ” පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනුයි.
තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ” මාධ්‍ය එක්ක කටයුතු කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක්. කිරි කන්නත් ඕනෙ කට කපා ගන්නැතුව කන්නත් ඕනෙ. ඒ කටයුත්ත පරිස්සමෙන් කිරීමේ වගකීම අපි හැමෝටම තියනවා…., කෙසේ වුවත් අවසානයේ මහජනතාවට නිවැරදි තොරතුරු සන්නිවේදනය විය යුතුයි.ජනතාව බලාපොරොත්තු වෙන්නෙ අසත්‍ය බොරු ප්‍රචාර නෙවෙයි.”
එමෙන්ම ගම්පහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පමණක් සීමා නොවී රටේ සමස්ත ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට වත්මන් රජය ක්‍රියා කරන බවයි.