මේ වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වීමට නියමිතයි.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එම් ඉන්දිකා කුමාරිගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන විභාග දෙපාර්තමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් පැවැත්වුණා.එහිදී අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, උදෑසන 9.30ට විභාග කටයුතු ආරම්භ කරන බැවින් සියලුම සිසුන් අදාළ විභාග මධ්‍යස්ථානය වෙත උදෑසන 8.30 වනවිට පැමිණ සිටිය යුතු බවයි.