සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලන්තුවාහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා’ නොහොත් ‘ලොකු පැටී’ නමැත්තාගේ ප්‍රධාන පෙළේ ගෝලයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මගින් අත්අඩංගුවට පත්ව ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ, රත්ගම කඳවුරේ ස්ථාපිත ගාල්ල සේනාංක බුද්ධි අංශයේ නිලධාරීන් විසින් රත්ගම පොලිස් වසමේ බූස්ස, රත්න උදාගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම සැකකටයුතු කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2,890 ක්ද, ආරක්ෂක අංශවලට අයත් නිල ඇඳුම් කිහිපයක් ද, රියදුරු බලපත්‍ර 02 ක් සහ සිවිල් ආරක්ෂක බලකා හැඳුනුම්පතක් ද සොයාගෙන ඇති බව සඳහන්.