අද (31) උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර 6ක් පමණ දුරින්, කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසලදී ගඟට පෙරළා දමා තිබියදී මෙම යතුරුපැදිය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අද අලුයම 5.15 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් 23 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.