2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 09:52
නවතම පුවත්

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට අයැදුම්පත් කැඳවයි!

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සලකා බැලීමකින් තොරව උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ දිනවල අයැදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම වසරේ හෝ පසුගිය වසර 2ක් ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවකුට තම ප්‍රදේශයේ වෘත්තීය විෂය ධාරාව සහිත පාසලක 12 ශ්‍රේණිය සඳහා අයැදුම් කළ හැකිය. මෙමගින් සිසුන්ට උසස් පෙළට ඇතුළත් වී 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබමින්, දෙස් විදෙස් පිළිගැනීමක් සහිත ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 4) ලබා ගැනීමට අවස්ථා සැලසෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

12 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට මෘදු කුසලතා සංවර්ධනය හා වෘත්තීය ක්ෂේත්‍ර හඳුන්වාදීම අරමුණු කරගත් මොඩියුල අධ්‍යයනය කළ හැකි වේ. 13 ශ්‍රේණියේදී සිසුන් සුදුසු වෘත්තියක NVQ 4 මට්ටමේ පුහුණුවක් සඳහා රජයේ වෘත්තීය පුහුණු ආයතනයකට පාසල විසින්ම සම්බන්ධ කරනු ලැබේ. මෙහිදී සිසුන්ට වෘත්තීය පුහුණු ආයතනයක මෙන්ම රැකියා ස්ථානයක ප්‍රායෝගික පුහුණුවද ලබා ගත හැකිය.

මෙම වෘත්තීය විෂය ධාරාව යටතේ සිසුන්ට පුළුල් පරාසයක පුහුණු අවස්ථා හිමි වේ. ඒ අතරට සංචාරක හා ආගන්තුක සත්කාරය, මෝටර් රථ හා රථ වාහන තාක්ෂණ ශිල්පය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා සත්කාර සේවා, මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය, රූපලාවණ්‍ය, කලා ඇතුළු ශිල්ප, ආහාර නිෂ්පාදනය, ඇඟලුම්, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ලෝහ පිරිසැකසුම්කරණය, පෑස්සුම් ශිල්පය, යන්ත්‍ර ක්‍රියාකරවීම, ඉදිකිරීම් කර්මාන්තය, ගෘහ අලංකරණය, උද්‍යාන අලංකරණය, කෘෂි හා වැවිලි කර්මාන්තය, ජලජ සම්පත් තාක්ෂණ ශිල්පය, ක්‍රීඩා, ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්ප, වෙළෙඳ හා සැපයුම් යන ක්ෂේත්‍ර රැසක් අයත් වේ.

මෙම වැඩසටහන මගින් පාසල් හැර යන සිසුන්ට ප්‍රායෝගික වෘත්තීය කුසලතා ලබාදී, රැකියා වෙළෙඳපොළට සාර්ථකව පිවිසීමට අවස්ථාව සැලසීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories