අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (28) අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණා.
අද (29) උදෑසන මාලදිවයිනේ සිට පැමිණි ඔහු මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.