දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ, අලුතින් බඳවා ගන්නා මෙම පිරිස දිවයින පුරා සියලු පොලිස් ස්ථානවලට යෙදවීමට සැලසුම් කර ඇති බවයි.
මේ වන විට දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් දැඩි කර ඇති අතර, රාත්‍රී කාලයේ මෙන්ම අලුයම් කාලයේදී ද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෙම පියවර මගින් රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතය මැඩපැවැත්වීමට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.