ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරන ලද බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතා අද සිය ධුරයේ වැඩ භාර ගත්තේය. මීට පෙර එම ධුරයේ කටයුතු කළ කර්නල් නලීන් හේරත් මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, බ්‍රිගේඩියර් ජෝසප් මෙම තනතුරට පත් කර තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් මහතා, සිය වෘත්තීය නිපුණත්වය, කැපී පෙනෙන නායකත්ව ගුණාංග සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දශක තුනකට අධික ආදර්ශමත් සේවාවක් සිදු කළ අයෙකි.
ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර, ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස ද විශිෂ්ට සේවයක් ඉටු කර ඇත.