2026 මාර්තු 28 සෙනසුරාදා, 21:53
නවතම පුවත්

පැලවත්ත සිගිති පාතාල මධ්‍යස්ථානයක් වටලයි

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තලංගම පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සිදුවූ සිදුවීමකට අදාළ වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ, 2025.07.25 වන දින තලංගම පොලිස් වසමේ පන්නිපිටිය පාර, පැලවත්ත ලිපිනයේ පිහිටි හෝටලයක සේවය කරන සේවකයෙකුගේ මුදල් හා රන් භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව එම සිදුවීම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම සඳහා නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ හෝටලය වෙත ගොස් ඇති බවයි.

එම අවස්ථාවේදී විවිධ පුද්ගලයින් හෝටලය ඉදිරිපිට පදික වේදිකාවේ දුම්වැටි භාවිතා කරමින් සිට ඇති අතර, ඒ සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් සම්බන්ධව වූ සී.සී.ටීවී. දර්ශන සමාජ මාධ්‍ය වෙත වෙනත් ආකාරයක අදහසක් දක්වමින් මුදා හැර ඇති බව පොලිසිය පෙන්වා දෙයි.

මේ සම්බන්ධව යම් අනීතික ක්‍රියාවක් සිදු කිරීමක් සිදුවී ඇති බවට යම් අයකුට හැඟේ නම්, ඒ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා හැකියාවක් ඇති බව පොලිසිය අවධාරණය කරයි. එසේ මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කවර තරාතිරමක නිලධාරීයෙකු වුවද නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කිසි විටකත් පසුබට නොවන බවට ඔවුන් සහතික වෙයි.

නමුත් 2006 අංක 27 දරණ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත මගින් කොටු කරන ලද පොදු ස්ථාන තුළ දුම්පානය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. මෙම පනතේ 39 වගන්තිය පැහැදිලිව දක්වන්නේ “යම් කොටු කරන ලද පොදු ස්ථානයක් ඇතුළත කිසිම තැනැත්තකු විසින් යම් දුම්කොළ නිෂ්පාදන පානය කිරීම හෝ යම් තැනැත්තෙකුට එසේ කිරීමට ඉඩදීම නොකළ යුතුය” යනුවෙනි

මෙම පනත යටතේ “කොටු කරන ලද පොදු ස්ථානයක්” ලෙස පුළුල් පරාසයක ස්ථාන නිර්වචනය කර ඇත. ඒවාට ඇතුළත් වන්නේ:

රාජ්‍ය ආයතන: රජයේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත අධිකාරීන්, මණ්ඩල හෝ රජයේ ආයතන, කාර්යාල පරිශ්‍ර, බැංකු, අධිකරණ ශාලා.

සෞඛ්‍ය හා අධ්‍යාපන ආයතන: සායන, ආරෝග්‍යශාලා, බෙහෙත් ශාලා, විද්‍යාගාර, පාසල්, විශ්වවිද්‍යාල හෝ වෙනත් අධ්‍යාපන ආයතන.

පොදු පහසුකම්: ශ්‍රවණාගාර, ක්‍රීඩා සංකීර්ණ, පුස්තකාල, කෞතුකාගාර, ආගමික ස්ථාන, යම් පොදු වැසිකිළි, ගොඩනැගිලි, ගොඩනැගිලි තනා ඇති ස්ථාන, විදුලි සෝපාන.

වාණිජ හා විනෝදාස්වාද ස්ථාන: හෝටල්, ආගන්තුක නිවාස, තාවකාලික නවාතැන් ගන්නා ස්ථාන, නේවාසිකාගාර, ආපනශාලා, සමාජශාලා, අන්තර්ජාල මධ්‍යස්ථාන, චිත්‍රපට ශාලා, නාට්‍ය රඟහලවල්, සුපිරි වෙළෙඳසැල්.

ප්‍රවාහන මධ්‍යස්ථාන: ගුවන්තොටුපළ, දුම්රිය ස්ථාන හෝ බස් නැවතුම් පොළවල් වල විවේකාගාර.

මෙම නිර්වචනය අනුව, පොදු වැසිකිළි, ගොඩනැගිලි සහ විදුලි සෝපාන පවා “කොටු කරන ලද පොදු ස්ථාන” ලෙස සැලකේ.

කෙසේ වෙතත්, කොටු නොකරන ලද පොදු ස්ථානයක දුම්පානය කිරීම වරදක් ලෙස මෙම පනත යටතේ සලකනු නොලැබේ. මෙම නීති රීති මගින් පොදු ස්ථානවල දුම්පානය අවම කිරීමෙන් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරේ.

නමුදු මෙම සිදුවීමේදී ප්‍රදේශයේ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූවන්, මංකොල්ලකරුවන්, අපරාධකරුවන් මෙම හෝටලය අසර ගැවසී ඇති බවත් මෙම කඩ හිමියා ඔවුන්ට සහාය දැක්වූ ආකාරයක් ප්‍රදේශවාසීන්ගේ නෙත ගැටී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories