ඇමරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 ගුවන් යානයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගොඩබෑම් ගියර්යේ දෝෂයක් හේතුවෙන් ගුවන් යානයේ ටයරයක ගින්නක් සහ දුමාරයක් ඇතිවීමෙන් මෙම සිද්ධිය වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ගින්න හේතුවෙන් එම ගුවන් ගමන වහාම අවලංගු කර ඇති අතර, ගුවන් යානය ධාවන පථයෙන් හදිසියේ ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. යානයේ සිටි මගීන් 173 දෙනාම කිසිදු අනතුරකින් තොරව ආරක්ෂිතව පිටතට ගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් ගුවන් මගීන් 6 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, එක් ගුවන් මගියෙක් රෝහල් ගත කර තිබෙනවා.මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.