අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් වන වැදගත් මාර්ගගත සාකච්ඡාවක් ඊයේ (ජූලි 25) පස්වරුවේදී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි. මෙහි මූලික අරමුණ වූයේ මෙරටට පනවා ඇති තීරුබදු අවම කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමයි.
මෙම මාර්ගගත සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීන් කිහිප දෙනෙක්ද සහභාගී වී තිබේ.