රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ මෘදුකාංගය නඩත්තුව සඳහා ලබාදුන් කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 156 කින් අඩුකර ගැනීමට හැකි වූ බව මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු පවසයි.
වසර 13ක් තිස්සේ ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ වසරකට රුපියල් මිලියන 184 ක මුදලකට බවත්, එහෙත් විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කරමින් එම කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 28 කට ලබාදුන් බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
එසේම රියදුරු හැදුනුම්පත් සඳහා වන ටෙන්ඩරය ද අඩු මුදලකට ලබාදීමට පියවර ගත් බවද, මෙතෙක් රියැදුරු හැඳුනුම්පතක් සඳහා රුපියල් 311.00 ක් ගෙවීමට සිදුවුවත් නව ටෙන්ඩරයෙන් කාඩ්පතක් සඳහා ගෙවිය යුතු වන්නේ රුපියල් 263.80 ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බවද කියා සිටියේය.