ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (24) පැවැත් වුණා.
ඒ ගාල්ල මහමෝදර සිට දඩැල්ල දක්වා සහ හම්බන්තොට නගර සීමාවේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින්.
වැඩසටහන සංවිධානය කර තිබුණේ දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වාගේ අධීක්‍ෂණය යටතේ, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ සහ කාවන්තිස්ස ආයතනයන්ගේ මූලිකත්වයෙන්.
ඒ අනුව ගාල්ල මහමෝදර සිට දඩැල්ල දක්වා සහ හම්බන්තොට නගර සීමාවේ වෙරළ තීරයෙහි විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.