2026 ජූලි 31 සිකුරාදා, 18:07
නවතම පුවත්

ශ්‍රී ලංකන් වංචා හොයන්න ජනපතිගෙන් විමර්ශන කමිටුවක්

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේත්, සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේත් සිදුව ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

ඊයේ (ජූලි 22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම විශේෂ විමර්ශන කමිටුව හමු වූ ජනාධිපතිවරයා, ඔවුන් සමඟ සාකච්ඡාවක ද නිරත විය. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සිදුව ඇති අක්‍රමිකතා නිසි ලෙස විමර්ශනය නොවීම හේතුවෙන් එම ආයතන විශාල ලෙස අකර්මණ්‍ය වී ඇති බවයි. මේ තත්ත්වය නිවැරදි කිරීමට සහ අනාගතයේදී එවැනි දෑ නැවත සිදු වීම වැළැක්වීමට අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් කඩිනම් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඔහු කමිටුවට උපදෙස් දුන්නේය.

මෙම විශේෂ විමර්ශන කමිටුවට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කමිටුවේ කැඳවුම්කරු සහ සාමාජිකයන් වෙත පිරිනැමිණි.

මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ ලේකම් / කැඳවුම්කරු වශයෙන් ජනාධිපති අතිරේක ලේකම් කේ.එන්.එම්. කුමාරසිංහ මහතාද, සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ, විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඥානසිරි සේනානායක, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති දුෂාන්ත බස්නායක, නීතිඥ දොන් චමින්ද ජේ. අතුකෝරල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එන්.ඒ.එච්. කේ. විජේරත්න යන මහත්ම මහත්මීහුද කටයුතු කරති.

මෙම කමිටුව විසින් 2010-2025 කාලය තුළ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගම සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සම්බන්ධයෙන් සිදුවූ බව කියන කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ඒවා අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් බලය අනිසි ලෙස භාවිත කිරීම සහ වරප්‍රසාද අනීතික ලෙස ලබා ගැනීම වේ. තවද, සේවා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමේදී සහ බඳවා ගැනීම්වලදී සිදු වී ඇති අක්‍රමිකතා සහ ගුවන් සේවා ආරක්ෂක කටයුතුවල දුර්වලතා පිළිබඳවද විමර්ශනය කෙරේ.

ඊට අමතරව, තීරුබදු රහිත සාප්පු ගනුදෙනු සහ විදේශ රටවල අලෙවි නියෝජිතයන්ගේ ගනුදෙනු හා සිද්ධීන් සම්බන්ධයෙන් සිදුවී ඇති අක්‍රමිකතා මෙන්ම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුමට ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන ලද පරිපාලනමය වැරදි, දූෂණ සහ අක්‍රමිකතා සහ/හෝ බාහිර මැදිහත්වීම් ද මෙම විමර්ශනයට ඇතුළත් වේ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් 2000 සිට 2025 දක්වා කාලය තුළ ගුවන් යානා සහ රුපියල් මිලියන දහයට වඩා වටිනා භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීමේදී සහ/හෝ බදු දීමේදී/ගැනීමේදී සිදු වී ඇති දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳවද සවිස්තරාත්මකව සොයා බැලේ.

මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණ වන්නේ ජේ.සී. වැලිඅමුණ කමිටු වාර්තාව සහ විගණකාධිපතිවරයාගේ විශේෂ විමර්ශන වාර්තාව මගින් අනාවරණය වූ වැරදි තීරණ ගැනීම්වලට හා වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට වගකිව යුතු පාර්ශ්වයන් හඳුනා ගැනීමයි. එසේම, ඒවා නිවැරදි කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ අනාගතයේ එවන් තත්ත්ව යළි ඇති වීම වැළැක්වීමට අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයීම ද මෙම කමිටුවේ කාර්යභාරය වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories