පසුගිය වසර 10ක කාලය තුළ විදේශ රැකියා මඟින් ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 67,147ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 13,946ක්) බව විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා අද (ජූලි 22) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේ 2015 වසරේ සිට 2025 මැයි මාසය දක්වා වන කාලය සඳහා වන මහ බැංකු වාර්තා උපුටා දක්වමිනි.
එමෙන්ම, 2025 පෙබරවාරි 25 වන දින වන විට විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව ආසන්න වශයෙන් 1,345,801ක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.