“කණ්ඩලමේ හැඩකාරයා” නමින් ප්‍රසිද්ධ වන අලියාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. ඔහුගේ ඉදිරි පාදයට වෙඩි වැදීමක් හේතුවෙන් ඔහු දැඩි අපහසුවෙන් සිටින බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත මාස ගණනාවක් තිස්සේ වනජීවී නිලධාරීන් මෙම වන අලියාට කිහිප වතාවක්ම ප්‍රතිකාර කර ඇත. මේ හේතුවෙන් වනජීවී නිලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ අලියාට ආහාර ලබා දීමෙන් වළකින ලෙසයි.
කෙසේ වෙතත්, වෙඩි වැදීම නිසා අලියා වනය තුළ සැරිසරන්නේ නැතිව කණ්ඩලම වැව ආශ්‍රිතව පමණක් රැඳී සිටීමෙන් ඔහුට දැඩි ආහාර හිඟයක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. මේ හේතුවෙන්, ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු විසින් අලියාට හැකි පමණින් සුළු ආහාර ප්‍රමාණයක් ලබා දෙන අයුරු දැකගත හැකිය.
මේ අතර, වන අලියාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත්, පරිසර අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාද පසුගිය දිනවල අලියාගේ සුවදුක් විමසීමට පැමිණ ඇති බවත් වාර්තා වේ. වනජීවී නිලධාරීන් ද මෙම වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා විවිධ උපායශීලී ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.