අද (ජූලි 15) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (All Share Price Index – ASPI) ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 19,000 සීමාව ඉක්මවා යාමට සමත් විය.
මෙය ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වන අතර, ආයෝජක විශ්වාසය සහ වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමකට පත්ව ඇති බව එයින් පිළිබිඹු වේ.
එමෙන්ම, පෙරවරු 10.00 වන විට සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 1.6ක් ලෙස සටහන් වී තිබීම ද වෙළෙඳපොළේ සක්‍රීය බව පෙන්නුම් කරයි. මෙම දර්ශක වර්ධනයට බලපෑ හේතු සහ ඉදිරි වෙළෙඳපොළ ප්‍රවණතා පිළිබඳව වැඩිදුර විශ්ලේෂණ ඉදිරියේදී බලාපොරොත්තු විය හැකිය.