වසරේ මේ දක්වා කාලය තුළ සිදුව ඇති වෙඩි තැබීම් 68න් 50ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්‍රික් වුට්ලර් මහතා අනාවරණය කරයි. මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 37 දෙනකු මියගොස් ඇති අතර, ඉන් 34ක්ම සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකරන ලද ඝාතන බව පොලීසිය පෙන්වා දෙයි. මෙම වෙඩි තැබීම් 68ට අදාළව සිදුකළ විමර්ශන මගින් වෙඩික්කරුවන් 24 දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව, මෙම ඝාතනවලට ආධාර අනුබල දීමේ චෝදනාවලට අදාළව තවත් සැකකරුවන් 150 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පොලීසිය විසින් T-56 ගිනි අවි 23ක්, පිස්තෝල 46ක් සහ රිවෝල්වර 30ක් ද සොයාගෙන ඇති බව ඔහු පැවසීය. මෙම තොරතුරු පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ඊයේ (ජූලි 14) පැවති මාධ්‍ය හමුවකදී ෆෙඩ්‍රික් වුට්ලර් මහතා විසින් හෙළි කරන ලදී.