2026 මාර්තු 27 සිකුරාදා, 14:57
නවතම පුවත්

බඩගින්නට ආගමක් ජාතියක්, පක්ෂයක් නැහැ මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම සිතිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් ලෙසයි

අම්පාර පොතුවිල් ජලාල්දීන් ක්‍රීඩාංගණයේදී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ආගම, ජාතිය මුල් කර ගනිමින් තමා කිසිදා දේශපාලනය නොකළ බවයි. මුස්ලිම් ජනතාවගේ අයිතින් සුරැකීමට තමා කවදත් කැපවු බවත්, 2022 ජූලි 09 වැනිදා කිසිවෙකු භාර නොගත් රට තමා භාරගත්තේ සියලු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් බවත් රට පත්ව තිබූ අසීරු අවස්ථාවෙන් ගොඩගැනීමට තමන් ඉදිරිපත් වූයේ පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබු මන්ත්‍රීවරයකු ලෙස බවත්, එලෙස රට භාරගෙන ජනතාව විඳි පීඩාවෙන් ඔවුන් මුදවා ගැනීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“පොතුවිල් නගරය සංවර්ධනය කිරීම සඳහා මුෂාරෆ් මන්ත්‍රීවරයා කරගෙන යන මෙහෙවර ප්‍රශංසනීයයි.. බඩගින්නට ආගමක් ජාතියක්, පක්ෂයක් නැහැ.. මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම සිතිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් ලෙසයි.. 2022 වසරේ මැයි මාසය වන විට අපේ ජනතාව කුසගින්නේ සිටියේ.. ආහාර,ඉන්ධන, ගෑස්, පොහොර තිබුණේ නැහැ.. කන්න දෙකක් වගා කර තිබුණෙ නැහැ.. මා රට භාරගත්තේ මෙවන් අවස්ථාවකයි.. එම අවස්ථාවේ කිසිදු නායකයෙක් රට භාර ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ.. පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබු මන්ත්‍රීවරයකු ලෙස මා රට බාරගෙන ජනතාව විඳි පීඩාවෙන් ඔවුන් මුදවා ගැනීමට කටයුතු කළා.. ජනතාවට ජීවත්වීමට හැකි පරිසරයක් සකස් කර දුන්නා.. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීම නිසා 2023, 2024 සියලුම කන්න සාර්ථක වුණා.. කිසිම කුඹුරක් වගා නොකර සිටීමට අප ඉඩ දුන්නේ නැහැ.. පුරන් කුඹුරු ලංකාවේ තිබුණේ නැහැ.. මේ දේ සිදු කළ නිසා සජිත් කියනවා දැන් එයාට රට භාර දෙන්න කියලා.. සජිත් ප්‍රේමදාස මහත්තයට ජනතාවගේ දුක එදා තේරුනේ නැද්ද? එදා ජනතාවගේ දුක තේරුණා නම් අගමැතිකම සහ ජනාධිපතිකම ගන්න තිබුණා.. සජිත් ප්‍රේමදාස මහතා එදා හිතුවේ තමන් ගැන පමණයි.. ඒ නිසා එතුමා ජනතාවගේ පීඩාව බාරගන්නේ නැතුව පැන දිව්වා.. දැන් එතුමන්ලා වේදිකාවට නැගලා මට දොස් කියනවා.. ජනතාවට කෑම දුන්න නිසා, ඉන්ධන දුන්න නිසා විපක්ෂය මට චෝදනා කරමින් සිටිනවා.. ජනතාවගේ කුසගින්න නිවන එක වැරැද්දක් නම් මම එම වරද බාරගන්නවා.. ඉන්ධන ලබාදුන් එක වැරැද්දක් නම් මම එයත් භාරගන්නවා.. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න නොහැකි වු විපක්ෂයේ කණ්ඩායම් අද රට ඉල්ලමින් වේදිකාවල කෑගසමින් සිටිනවා..”

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්.මුෂාරෆ් මහතා විසින් එම ජනරැළිය සංවිධානය කර තිබු අතර ඒ, සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අලී සබ්‍රි රහීම්, ඉශාක් රහුමාන්, හිටපු අමාත්‍යවරුන් වන අනෝමා ගමගේ, ශ්‍රියානි විජේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයින් හා විශාල ජනතාවක් එක්ව සිටියා.

එම ජන රැලියට එක්වූ ජනතාව සිය ජංගම දුරකථනවල ආලෝකය දල්වමින් ජනාධිපතිවරයාව මහත් හරසරින් යුතුව පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.එහිදී අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 09ක විවිධ පක්ෂ නියෝජනය කරන සභාපතිවරුන්, උපසභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් 12දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහාය ලබාදෙන බවට සඳහන් කර තිබුණා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories