උතුරු කොරියානු නායක කිම් ජොන් උන් යුක්රේනයට එරෙහිව සටන් කිරීම සඳහා පසුගිය වසර තුළ රුසියාවට 11,000 ක පමණ භට පිරිසක් යවා ඇති බව අනාවරණය වේ.
යුක්රේනයේ යුද්ධයේදී රුසියාව වෙත කොන්දේසි විරහිත සහයෝගය ලබා දීමට උතුරු කොරියාව බැදී සිටින බව ප්යොංයැං රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ පැවති සාකච්ඡාවලදී කිම් පැවසුවේ, යුක්රේන අර්බුදයේ මූල හේතුව විසඳීම සඳහා රුසියානු නායකත්වය විසින් ගනු ලබන සියලු පියවරයන් සමඟ ප්යොංයැං රැඳී සිටින බවයි.