ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහ පෙරහැර අද (ජූලි 10) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භ වන මෙම පෙරහැර, දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණෙනු ඇත. ඉන් අනතුරුව, එම මාර්ගය ඔස්සේ දේවාල මළුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කිරීමට නියමිතයි.
වල්ලි අම්මා දේවාලයේ පුද සිරිත් නිම කිරීමෙන් පසු, පෙරහැර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගමන් කරනු ඇත. එමඟින් ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වනු ඇත.
හෙට (ජූලි 11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය කැපීමේ මංගල්‍යය පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ. මෙම අවසන් පෙරහැර දැකබලා ගැනීම සඳහා දහස් ගණනක් බැතිමතුන් කතරගම පුදබිමට පැමිණ සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.