විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා දැනට සකස් කර ඇති මාර්ගෝපදේශ මාලාව දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 09) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට (UGC) නියම කර තිබේ.එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය සහ පහසුකම් ලබා දෙන ලෙස විනිසුරු මඩුල්ල අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ද නියෝග කළේය.මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ 2020 වසරේ නවකවධය හේතුවෙන් ශාරීරික මෙන්ම මොළයට ද තුවාල සිදුවීමෙන් පීඩාවට පත්ව සිටින පළමු වසරේ සිසුවකු වන පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග ලබා දෙන ලදී.මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වනදා යළි කැඳවන ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය. මෙය නවකවධය පිටුදැකීම සඳහා ගත් වැදගත් පියවරක් ලෙස සැලකේ.