පිළියන්දල, කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇති බව පිළියන්දල පොලිසිය වාර්තා කරයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පියවර ගෙන තිබේ. එහි ස්ථානාධිපති දුල්සිරි කුමාර මහතා පැවසුවේ, ජල බවුසර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනි නිවීමේ භටයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානයට යොමු කර ඇති බවයි.