හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන ජූලි 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඔවුන් අද (ජූලි 07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබෙනවා.