විදේශයක සිටින පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී, එම සේවා සැපයීම් සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) අය කිරීම ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව, පහත සඳහන් සේවාවන් රැසකට 18% ක වැට් බද්දක් අය කිරීමට නියමිතයි:
සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම (SaaS)
මාර්ගගත වෙළෙඳසැල් (Online Stores)
ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය (Online Marketing)
සයිබර් ආරක්ෂණ සේවා (Cybersecurity)
තොරතුරු තාක්ෂණ සහාය සහ කළමනාකරණය කළ සේවා
වීඩියෝ, සංගීතය සහ සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා (Netflix, Spotify ඇතුළු Subscription සඳහා)
මාර්ගගත බැංකුකරණය (Online Banking)
සමාජ මාධ්‍ය වේදිකා (Social media platforms)
ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා (On-Demand Service Platforms)
වෙළෙඳපොළ වේදිකා (Marketplace Platforms)
සූදු ක්‍රීඩා වේදිකා
හෝටල් වෙන් කිරීම් මෙන්ම ටිකට්පත් වෙන් කරවා ගැනීම් සඳහා යෙදවුම්
ගැසට් පත්‍රයේ පැහැදිලිව සඳහන් කර නොමැති වුවද, විදේශයක සිටින තැනැත්තෙකු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට සපයන ඕනෑම සේවාවක් මෙම වැට් බද්දට යටත් වන බව ද වැඩිදුරටත් සඳහන් වෙනවා.