හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා එළඹෙන ජූලි 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අද (ජූලි 7) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අදාළව දුමින්ද දිසානායක මහතාව මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.