කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් කොමිසම සඳහන් කළේ, සිද්ධිය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි.
පසුගිය ජූනි මස 30 වැනිදා කහවත්ත, මොරහේන ප්‍රදේශයේ නිවසක සිටි 22 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා තිබුණා. මෙම සිද්ධියෙන් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර අනෙක් තරුණයා තුවාල ලැබුවා.