දිනයේදී බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ, අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ 50 වන ජුබිලි මහෝත්සවය වෙනුවෙනි. මෙම විශේෂ උත්සවය කොළඹ අගරදගුරු මැදුරේදී පැවැත්වෙන අතර, ඒ සඳහා ප්‍රභූවරුන් ඇතුළු විශාල ආරාධිත පිරිසක් සහභාගී වීමට නියමිතයි.
ඒ අනුව, උත්සවය හේතුවෙන් ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හෙට සවස 3.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා වූ මාර්ගයට බර වාහන ඇතුල්වීම සීමා කිරීමට පොලීසිය කටයුතු කර ඇත.
රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම විශේෂ රථ වාහන සැලැස්මට අනුව කටයුතු කර, විකල්ප මාර්ග භාවිත කරමින් සහ පොලිස් උපදෙස් පිළිපදිමින් අපහසුතාවයකින් තොරව ගමන් කරන ලෙසයි.