2026 ජූලි 31 සිකුරාදා, 06:12
නවතම පුවත්

මීමුරේ වෙත සංචාර තාවකාලිකව අත්හිටුවයි: කයිකාවල පාලමට හානි

මහනුවර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මීමුරේ වෙත විනෝද චාරිකා සහ අනෙකුත් අවශ්‍යතා සඳහා පැමිණීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ. මෙම තීරණයට හේතුව වී ඇත්තේ හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ පිහිටි කයිකාවල පාලමේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර ඇති වූ හදිසි ආපදා තත්ත්වයකි.

පාලමේ අළුත්වැඩියා කටයුතු සිදුවෙමින් පැවති අතරතුර හදිසියේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පාලම හරහා වාහන ධාවනය කිරීම සම්පූර්ණයෙන් තාවකාලිකව අත්හිටුවා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පාලම යථා තත්ත්වයට පත් කරන තුරු මීමුරේ සංචාරය සඳහා පැමිණීමෙන් වළකින ලෙසයි. මෙම තහනම මීමුරේ ගම්මානයට ප්‍රවේශ වීමට අපේක්ෂා කරන සියලුම සංචාරකයින්ට සහ අනෙකුත් අයට බලපානු ඇත.

පාලමේ අළුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති අතර, හැකි ඉක්මනින් එය නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන බවට බලධාරීන් දැනුම් දෙයි. අලුත් තොරතුරු ලැබුණු වහාම ඒවා ප්‍රසිද්ධියට පත් කරන බව ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසා සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories