2025 ජූලි 18 සිකුරාදා, 15:14
නවතම පුවත්

ආසන පටි ගැන පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට පොලීසියෙන් පිළිතුරු

බස් රථවල ආසන පටි පැළඳීම පිළිබඳව ඇතැම් මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ.පොලීසිය පවසන්නේ, පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුළු රථවාහන ධාවනයේදී ආසන පටි පැළඳීම නව නීතියක් පැනවීමක් බවටත්, දීර්ඝ කාලයක් අඛණ්ඩව ආසන පටි පැළඳ රිය ධාවනයේදී ශාරීරික අපහසුතා ඇතිවන බවටත් හුවා දක්වමින් ඇතැම් මාධ්‍ය මේ සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයක් ලබා දෙන බවට නිරීක්ෂණය වූ බවයි.නමුත් මෙය නව නීතියක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති අතර, 2011 අගෝස්තු 09 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1718/12 දරන ගැසට් පත්‍රය මඟින් රථවාහන ධාවනයේදී රියදුරෙකු විසින් ආසන පටිය පැළඳීම අනිවාර්ය බවට සඳහන් කර ඇති බව පොලීසිය අවධාරණය කරයි.එසේම, 1981 අංක 21 දරණ මෝටර් වාහන සංශෝධිත පනතේ 169 වන වගන්තිය ප්‍රකාරව අඛණ්ඩව රිය ධාවනය කිරීමේදී රියදුරෙකු සෑම පැය 04 යි විනාඩි 30 කට වරක්ම විනාඩි 30 ක කාලයක් විවේක ලබා ගත යුතු බවට සඳහන් කර තිබෙනවා. එමෙන්ම පැය 24 ක කාල සීමාවක් තුළදී රියදුරෙකු පැය 10ක විවේකයක් ලබා ගත යුතුයි.දෛනිකව දිවයින තුළ වාර්තා වන මාරක රිය අනතුරු ඇතුළු අනෙකුත් රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් යුතුව නැවත සිහිකැඳවීමක් වශයෙන් මෙම ආසන පටි පැළඳීමේ නීතිය පිළිබඳව මෙලෙස රියදුරන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.ඒ අනුව, මහජනයා නොමග යවන සුළු මෙවැනි පුවත් ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් වැරදි තොරතුරු සමාජගත වන බව ශ්‍රී ලංකා පොලිස් රථවාහන මූලස්ථානය පෙන්වා දෙනවා. රිය ධාවනයේදී ඉහත නෛතික තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කර නියමිත පරිදි ආසන පටි පැළඳ, විනයගරුක හා නීතිගරුක රියදුරන් වශයෙන් ක්‍රියා කර දෛනිකව වාර්තා වන මාරක රිය අනතුරු ඇතුළු අනෙකුත් රිය අනතුරු අවම කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙස පොලීසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

දේශපාලන

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories