හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා එළඹෙන ජූලි 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (ජූලි 4) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ, 2015 ජනාධිපතිවරණ සමයේදී රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළවයි. අද පෙරවරුවේ අල්ලස් කොමිෂන් සභාව හමුවට කැඳවීමෙන් පසු ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.