2026 ජූලි 29 බදාදා, 06:49
නවතම පුවත්

අස්වැසුම අභියාචනා ජූලි 16 න් අවසන්: දෙවන අදියරේ ප්‍රගතිය මෙන්න!

අස්වැසුම ශුභසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියරේ අභියාචනා සහ මහජන විරෝධතා භාරගැනීම මේ මස 16 වන දිනෙන් අවසන් වන බව ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි. එම නිසා, සුදුසුකම් ලැබූවන් හෝ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම්, අදාළ පාර්ශ්වයන්ට ඒ පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ දැනුම් දිය හැකියි.

ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ, දෙවන අදියර සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් 815,556 න් 766,508 ක් මේ වන විටත් සංගණනයට ලක් කර ඇති බවයි. ඉන් 717,309 කට කමිටු අනුමැතිය ලැබී ඇති අතර, 715,146 කට ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලැබී තිබෙනවා.

මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ, සුදුසුකම්ලාභීන්ගේ කාණ්ඩ යටතේ මෙලෙස බෙදී යන බවයි:

අන්ත දුගී පවුල්: 82,996 ක්
දුගී පවුල්: 147,298 ක්
අවදානම් පවුල්: 69,238 ක්

දිස්ත්‍රික්ක අතර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අන්ත දුගී පවුල් වැඩි ප්‍රමාණයක් වාර්තා වේ. එම අගයන් පිළිවෙළින් 13,298 ක් සහ 13,018 ක් වන බව සභාපතිවරයා පෙන්වා දුන්නා.

එසේම, නුවරඑළිය (15,105) සහ බදුල්ල (14,496) දිස්ත්‍රික්කවලින් දුගී පවුල් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන බව ද ඔහු සඳහන් කළේය.

අනෙක් අතට, මන්නාරම දිස්ත්‍රික්කයෙන් අන්ත දුගී සහ දුගී පවුල් අඩුම ප්‍රමාණය වාර්තා වී තිබෙනවා.

අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් (59,079) ඉදිරිපත් වී ඇති අතර, අඩුම අයදුම්පත් ප්‍රමාණය (3493) මන්නාරම දිස්ත්‍රික්කයෙන් යොමු වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories