2026 මාර්තු 25 බදාදා, 11:00
නවතම පුවත්

‘ටීචර් අම්මා’ගෙන් පහර කෑ තරුණයා ශ්‍රේෂ්ඨාධිකරණයට – මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ගෙන් පහර කෑ බව කියන තරුණයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මෙම ගුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව තමන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අදාළ තරුණයා මෙම පෙත්සම යොමු කර තිබේ.ඒ අනුව, අදාළ පෙත්සම සලකා බැලීම සඳහා 2026 ජනවාරි මස 28 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත. අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය. කටාන පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

සිද්ධිය පිළිබඳ පෙත්සම්කරුගේ ප්‍රකාශය මෙලෙසය

පෙත්සම්කාර තරුණයා පවසා සිටින්නේ, අදාළ ගුරුවරියගේ හිමිකාරීත්වය ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනයක තාක්ෂණ නිලධාරියකු ලෙස තමන් සේවය කළ බවයි. එසේ සේවය කරමින් සිටියදී පරිගණක පුහුණුවක් ලබා දෙන ලෙස පවසා, තරුණියක් එම පුද්ගලික අධ්‍යාපන ආයතනයේ හිමිකාරිය විසින් තමන්ට භාර දුන් බව ද පෙත්සම්කරු ප්‍රකාශ කළේය.

මේ ආකාරයෙන් පරිගණක පුහුණුව ලබා දෙන අතරතුර, 2025 මැයි මස 6 වන දින එම ස්ථානයට පැමිණි හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය, මුහුණු පොතේ පළ කර තිබූ කමෙන්ටුවක් පිළිබඳ විමසමින් තමාට පයින් පහර දුන් බවත්, ඉන් පසුව තවත් පිරිසක් සමඟ එක්ව අමානුෂික ආකාරයෙන් පහර දුන් බවත් පෙත්සම්කරු චෝදනා කරයි. පසුව අදාළ තරුණියගේ දෙමව්පියන් කැඳවා ඇයට ලිංගික අතවර සිදු කළ බවට අසත්‍ය චෝදනාවක් ඇය විසින් එල්ල කළ බව ද ඔහු පැවසීය.

අදාළ ආයතනයේ හිමිකාර ගුරුවරියගේ පැමිණිල්ලක් මත පහර දීම හේතුවෙන් රෝහල්ගතව සිටි තමන්ව 2025 මැයි මස 14 වන දින කටාන පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත්, පැය 48ක් ගතවන තුරු තමන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බවත් පෙත්සම්කරු වැඩිදුරටත් චෝදනා කරයි.

සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අනීතික ලෙස රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, ඒ වෙනුවෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන වන්දියක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories