2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:54
නවතම පුවත්

පාපන්දු ලෝකයට කම්පනයක් – ඩියෝගෝ ජෝටා සහ සහෝදරයා රිය අනතුරකින් මරුට

ලිවර්පූල් ප්‍රිමියර් ලීග් පාපන්දු සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩක, 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා සහ ඔහුගේ 26 හැවිරිදි සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක ඇන්ඩ්‍රේ ද සිල්වා, අද (ජූලි 03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේදී සිදුවූ ඛේදනීය මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔවුන් ගමන් ගත් ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසි වී පසුව ගිනිගෙන ඇත.මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත්තේ, ඩියෝගෝ ජෝටා පසුගිය ජුනි 22 වන දින රූට් කාර්ඩෝසෝ සමඟ විවාහ වී සති දෙකක් වැනි කෙටි කාලයකට පසුවයි. විදෙස් මාධ්‍ය පවසන්නේ, ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය ඔහු මිය යාමට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති බවයි.ඩියෝගෝ ජෝටා ලිවර්පූල් ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගැනීමට විශාල දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයෙක් වන අතර, ජුනි මාසයේ පැවති නේෂන්ස් ලීගයේ අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය පරාජය කරමින් පෘතුගාලය වෙනුවෙන්ද ක්‍රීඩා කළා. ඔහු ජාත්‍යන්තර තරග 50කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කළ විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.ඩියෝගෝ සහ ඇන්ඩ්‍රේ යන දෙදෙනාගේම අභාවය පෘතුගාල පාපන්දු ක්‍රීඩාවට පියවිය නොහැකි පාඩුවක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන්ගේ හදිසි වියෝවෙන් පාපන්දු ලෝකය කම්පනයට පත්ව සිටින අතර, බොහෝ දෙනා ඔවුන්ට සිය ශෝකය පළ කරමින් සිටිති.

ලිවර්පූල් පාපන්දු සමාජයෙන් නිල ප්‍රකාශයක්!
මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් ලිවර්පූල් පාපන්දු සමාජය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහි මෙසේ සඳහන් වේ:

“ඩියෝගෝ ජෝටාගේ ඛේදජනක අභාවයෙන් ලිවර්පූල් පාපන්දු සමාජය කම්පනයට පත්ව සිටී. ස්පාඤ්ඤයේ සිදුවූ මාර්ග අනතුරකින් 28 හැවිරිදි ඔහු සහ ඔහුගේ සහෝදරයා වන ඇන්ඩ්‍රේ මිය ගිය බව සමාජයට දන්වා ඇත.

ලිවර්පූල් FC මේ අවස්ථාවේදී තවදුරටත් අදහස් දැක්වීමක් නොකරන අතර, ඩියෝගෝගේ පෞද්ගලිකත්වය ඉල්ලා සිටින අතර ඇන්ඩ්‍රේගේ පවුලේ අය, මිතුරන්, කණ්ඩායම් සගයන් සහ සමාජ කාර්ය මණ්ඩලය සිතාගත නොහැකි පාඩුවකට මුහුණ දීමට උත්සාහ කරන බැවින් ඔවුන්ට ගරු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

“අපි ඔවුන්ට අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නෙමු.””

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories