2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 15:05
නවතම පුවත්

නොමිලේ බෙදන ‘රා’ බෝතල්

ජනාධිපති අපේක්ෂකයන් සඳහා පවත්වන මැතිවරණ රැලි සඳහා වතුකරයේ ජනතාව සහභාගී කරවා ගැනීමට, බෝතල් කළ බාල තත්ත්වයේ ‘රා’ නොමිලේ බෙදාදෙන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, නිසි ප්‍රමිතියකින් තොර ‘රා’ බෝතල් වතුකම්කරුවන්ට ලබාදීම හේතුවෙන් ඔවුන් සේවයට වාර්තා කිරීම ද අඩාල වී ඇති බවයි.

ඒ හේතුවෙන් වතු කම්කරුවන්ගේ කාර්යක්ෂමතාව ද පහළ වැටී ඇති බවට වතු අධිකාරිවරු ඇතුළු වතු පාලනාධිකාරීන් විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

මෙලෙස ඔවුන් මැතිවරණ රැලි සඳහා සහභාගී කරවා ගැනීමට නිසි ප්‍රමිතියකින් තොර ‘රා’ බෝතල් ලබාදීම මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි මංජුල ගජනායක මහතා අවධාරණය කළේ.

ඒ අනුව ‘බාල රා’ නොමිලේ ජනතාව අතර බෙදාහැරීම දුම්කොළ හා මධ්‍යසාර පනතට අනුව ද වරදක් වන බවද ඒ මහතා පෙන්වා දුන්නා.

මෙම බාල මධ්‍යසාර වර්ග ජනතාව පානය කිරීම හරහා සෞඛ්‍යමය හානි ඇතිවිය හැකි අතර එමගින් වතුකරයේ ශ්‍රම බළකායේ කාර්යක්ෂමතාව අඩාලවීමට ද බලපානු ඇති.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories