2026 ජූලි 29 බදාදා, 12:29
නවතම පුවත්

ඩෙංගු මර්දනයට ජාතික සතියක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (ජුනි 30) සිට ජූලි 5 දක්වා විශේෂ ජාතික මදුරු මර්දන සතියක් ආරම්භ කර තිබේ. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම සතිය ක්‍රියාත්මක කෙරේ.සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි, මේ වසරේ අවසන් මාස පහ තුළ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ අප්‍රේල් සහ මැයි මාසවලදී ය. අප්‍රේල් මාසයේදී රෝගීන් 5,175ක් ද, මැයි මාසයේදී රෝගීන් 6,025ක් ද වාර්තා වී ඇත. මීට අමතරව, මෑතකදී ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් සතිපතා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,500ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යාංශය පවසයි.මෙලෙස ඩෙංගු මර්දන සතියේ ප්‍රධාන අරමුණු කිහිපයක් ඇති අතර මෙම සතිය තුළ නිවාස, රජයේ සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල්, සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මදුරු මර්දන ව්‍යාපාරය ක්‍රියාත්මක වේ. මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම, හඳුනා ගැනීම සහ ඒවාට නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජංගම කණ්ඩායම් යෙදවීමට නියමිතයි.එමෙන්ම මෙම විශේෂ වැඩසටහන දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන අතර කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ, යාපනය, මොනරාගල, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, සහ බදුල්ල යන දිස්ත්‍රික්ක මෙන්ම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයන්හි බටහිර, මධ්‍යම, නැගෙනහිර, සබරගමුව, වයඹ, උතුරු, ඌව සහ දකුණු පළාත් ආවරණය වන පරිදි මෙම විශේෂ මදුරු මර්දන ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇත.මේ සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය නොවන සංවිධාන, සහ ප්‍රජා මූලික සංවිධානවල සහයෝගය ඇතිව වැඩසටහන දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක වේ.ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා පොදු මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි. ඔබත් ඔබේ පරිසරය පිරිසිදුව තබාගෙන ඩෙංගු මර්දන වැඩසටහනට දායක වන්න.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories