2025 ජූනි 29 ඉරිදා, 18:16
නවතම පුවත්

කොටි 3ක සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගමෙන් අත්අඩංගුවට

රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම වාහන කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකුට අයත් බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක්. බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සැකකටයුතු වෑන් රථයක් ආදර්ශ පටුමග නිවසක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් මත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් අදාළ වෑන් රථය පොලිස් භාරයට ගෙන ඇත.මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම වෑන් රථයේ සවිකර ඇති ලියාපදිංචි අංකයම හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ තවත් වාහනයකට ඇති බවයි. එම ලියාපදිංචි අංකය ආරක්ෂක අංශයක සේවය කරන පුද්ගලයෙක් නිත්‍යානුකූලව ලියාපදිංචි කර පරිහරණය කරන වාහනයකට අයත් බවද පොලිස් විමර්ශන මගින් තහවුරු වී ඇත.එමෙන්ම, පොලිස් භාරයට ගත් ජීප් රථයේ ඇති ලියාපදිංචි අංකය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කර ඇතුළත් කර සකස් කරන ලද්දක් බවද මේ වන විට විමර්ශන හමුවේ අනාවරණය වී තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
ඉරිදා ලංකාදීපය ත්‍රිපෝෂ කම්හල වැහෙන බවට බොරු කියලා..! ත්‍රිපෝෂ සභාපතිගෙන් චෝදනා
‘බඩ ඉරිඟු...
Web image new template new (1)-Recovered-Recovered
ඊශ්‍රායල රජයට එරෙහිව වැසියෝ පාරට බසියි
ඊයේ (28) ඊශ්‍රායල්...
Web image new template new (1)-Recovered-Recovered
කච්චතිව් යළි ඉන්දියාවට නොදෙන බව ධීවර ඇමති කියයි
ධීවර හා ජලජ සම්පත්...
web image5
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයක
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය...

උණුසුම් පුවත්

web image5
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයක
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය...
web image 4
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදා භාරයට
මන්නාරමට උතුරින්...
web image 4
කොටි 3ක සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගමෙන් අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට...
web 3
උඩරට දුම්රිය ගමනාගමනයට බාධා - දුම්රිය ගමන් වාර විශාල ප්‍රමාණයක් ප්‍රමාදයි
උඩරට දුම්රිය මාර්ගයේ...

දේශපාලන

web image 4
කොටි 3ක සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගමෙන් අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට...
web image 3
වෛද්‍ය සංජීවගේ GMOA බලය යළිත් තහවුරු වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
web 01
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පළමු සැසියේ උණුසුම් කතාබහ
මස්කෙළිය ප්‍රාදේශීය...
Web image new template new (1)-Recovered-Recovered copy 2
රාජ්‍ය සේවයට තිස්දහසක්
රාජ්‍ය පරිපාලන,...

Categories