2025 ජූනි 29 ඉරිදා, 18:35
නවතම පුවත්

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පළමු සැසියේ උණුසුම් කතාබහ

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් මස්කෙළියේ අචිනිකා උත්සව ශාලාවේදී පැවැත්වුණේ මුල සිටම උණුසුම් තත්ත්වයක්ද සමඟිනි. නව සභාපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භයේ සිටම වාද විවාදවලින් පිරී පැවතුණ අතර, ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් ඉදිරිපත් වූ කන්දයියා රාජ් කුමාර්, ඡන්ද 9ක් ලබා ගනිමින් නව සභාපතිවරයා ලෙස තේරී පත් විය. සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභාපති ධුරය සඳහා යෝජනා වූ ආසිර්වාදම් එලිස්ටන්ට ඡන්ද 8ක් හිමි විය.

සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දැඩි මතභේදයක් හටගත්තේය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොමසාරිස්වරිය හමුවේ කියා සිටියේ, තම සභාපති අපේක්ෂකයාට මරණ තර්ජන එල්ල වී ඇති බැවින් ඡන්දය රහස් ක්‍රමයට පැවැත්විය යුතු බවයි. නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පළ කරමින්, සභාගැබ තුළ කලහකාරී ලෙස හැසිරෙමින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටියහ. දෙපාර්ශ්වය අතර ඇති වූ මෙම උණුසුම් තත්ත්වය සැලකිල්ලට ගත් කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, මෙම තත්ත්වය විශේෂ අවස්ථාවක් ලෙස සලකා මූලික මත විමසීම රහස් ඡන්දයකින් පැවැත්වීමට තීරණය කළාය.

පැවති රහස් මත විමසීමේදී, විවෘත ඡන්දයක් සඳහා ඡන්ද 10ක් ද, රහස් ඡන්දයක් සඳහා ඡන්ද 7ක් ද ලැබී තිබුණි. ඒ අනුව, මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ අවසන් ඡන්දය විවෘත ක්‍රමයට පැවැත්විණි. අවසානයේ, සභාවේ උප සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ පරමසිවම් රාජ්කුමාර් ඒකමතිකව තේරී පත් විය.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
ඉරිදා ලංකාදීපය ත්‍රිපෝෂ කම්හල වැහෙන බවට බොරු කියලා..! ත්‍රිපෝෂ සභාපතිගෙන් චෝදනා
‘බඩ ඉරිඟු...
Web image new template new (1)-Recovered-Recovered
ඊශ්‍රායල රජයට එරෙහිව වැසියෝ පාරට බසියි
ඊයේ (28) ඊශ්‍රායල්...
Web image new template new (1)-Recovered-Recovered
කච්චතිව් යළි ඉන්දියාවට නොදෙන බව ධීවර ඇමති කියයි
ධීවර හා ජලජ සම්පත්...
web image5
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයක
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය...

උණුසුම් පුවත්

web image5
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයක
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය...
web image 4
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදා භාරයට
මන්නාරමට උතුරින්...
web image 4
කොටි 3ක සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගමෙන් අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට...
web 3
උඩරට දුම්රිය ගමනාගමනයට බාධා - දුම්රිය ගමන් වාර විශාල ප්‍රමාණයක් ප්‍රමාදයි
උඩරට දුම්රිය මාර්ගයේ...

දේශපාලන

web image 4
කොටි 3ක සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගමෙන් අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට...
web image 3
වෛද්‍ය සංජීවගේ GMOA බලය යළිත් තහවුරු වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
web 01
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පළමු සැසියේ උණුසුම් කතාබහ
මස්කෙළිය ප්‍රාදේශීය...
Web image new template new (1)-Recovered-Recovered copy 2
රාජ්‍ය සේවයට තිස්දහසක්
රාජ්‍ය පරිපාලන,...

Categories