නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට අත්අඩංගුවට ගත් සැකකාරියක් හා සැකකරුවෙකු විසින් එම ජාවාරමෙන් උපයාගත් බවට සැළකෙන මුදලින් මිලදී ගත් දේපළ තොගයක් මුදල් විශූද්ධිකරණ පනත යටතේ ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන තිබේ.
ඊයේ (28) අදාළ සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් හා සැකකාරිය වයස අවුරුදු 45ක් වන බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
එම සැකකරුවන්ගේ තහනමට ලක් කර ඇති දේපොළ වන්නේ,
කඳාන ප්‍රදේශයේ පිහිටි සිව් මහල් නිවසක්
බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙස් දෙකක්
බොරැල්ල, කොළඹ 08 පිහිටි තෙමහල් නිවසක්
ජපන් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය
වැගන් ආර් වර්ගයේ මෝටර් රථය
මෙම සැකකරු හා සැකකාරිය ඊයේ (27) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.