අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව සමඟ පවතින වෙළඳ සාකච්ඡා වහාම නතර කරන බවට ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය කර තිබෙන්නේ කැනඩාව විසින් ඇමසන් වැනි අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්දක් නැවත පනවීමට සැලසුම් කිරීමේ පසුබිමක ය.
ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබෙන්නේ කැනඩාවේ ඩිජිටල් සේවා බද්ද අමෙරිකාවට සෘජු ප්‍රහාරයක් වන බවයි. එමෙන්ම කැනඩාව විසින් කිරි නිෂ්පාදන සඳහා 400% පමණ වූ අධික තීරුබදු අය කරන බවත්, කැනඩාව වෙළඳාම් කිරීමට අපහසු රටක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කර ඇත්තේ කැනඩාව සමඟ වෙළඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවයි. ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු ප්‍රමාණයක් නියම කරන බවද, දින 07ක් ඇතුළත කැනඩාව ගෙවිය යුතු තීරුබදු සම්බන්ධයෙන් දැනුම් දෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මෙම තත්ත්වය දෙරට අතර වෙළඳ සබඳතාවල සැලකිය යුතු අර්බුදයක් ඇති කරන බව පැහැදිලිය. කැනඩාවේ ඩිජිටල් සේවා බද්ද සඳුදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වන තරමට මෙම ආතතිය තවත් උග්‍ර වීමේ අවදානමක් පවතී.