පිලිපීනයේ මින්ඩනාඕ දූපතේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රික්ටර් පරිමාණයේ 6.1 ශක්තියේ මෙම භූමිකම්පනය අද (28 වැනිදා) එරට වේලාවෙන් උදෑසන 7.07ට සිදු වී ඇත.
ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතෙන් කිලෝමීටර් 70ක් පමණ දුරින් සහ භූමි මට්ටමේ සිට කිලෝමීටර් 101ක ගැඹුරකින් මෙම කම්පනය ඇති වී තිබේ.
පිලිපීන ගිනිකඳු සහ භූමිකම්පන විද්‍යා ආයතනය මෙම භූමිකම්පනය වාර්තා කර ඇති අතර, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පවසා ඇත.