2025 ජූනි 28 සෙනසුරාදා, 21:56
නවතම පුවත්

පැය 24ක් තුළ යතුරුපැදි අනතුරුවලින් සිව්දෙනෙක් මරුට

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. ඊයේ ජූනි 27 සහ අද ජූනි 28 දිනවල සිදුවූ මෙම සියලු අනතුරු යතුරුපැදි සම්බන්ධ ඒවා වීම විශේෂත්වයකි.ඊයේ උදෑසන නාරම්මල පොලිස් වසමේ කඩහපොල කටුපොත මාර්ගයේ සියඹලාගස්කොටුව ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකුට සිය යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කටුපොත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පන්විල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.එමෙන්ම කොළඹ-මහනුවර මාර්ගයේ මාහේන ප්‍රදේශයේදී මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදික වේදිකාවේ ගමන් කරමින් සිටි 72 හැවිරිදි කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් යතුරුපැදිකරු සහ පදික කාන්තාව බරපතළ තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම පදික කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මීටියාගොඩ-කහව මාර්ගයේදී මීටියාගොඩ දෙස සිට කහව දෙසට ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී දුරකථන කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ 28 හැවිරිදි යතුරුපැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඔහු මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.අද (ජූනි 28) අලුයම් කාලයේදී පොතුවිල් මාර්ගයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී පෙරළී ගොස් ඇත. අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය සේවා නවීකරණය සඳහා AI යොදා ගැනීමට සැරසෙයි
අධ්‍යාපන අමාත්‍යාංශයේදී...
Web image new template new (1)-Recovered-Recovered
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් මිලියන ගණනක වත්කම් රාජසන්තකයි
නීතිවිරෝධී වත්කම්...
Web image new template new (1)-Recovered-Recovered
ශ්‍රී ලංකාවේ පාපැදියේ පුරාවෘත්තයක් වූ සුමනවීර දිවිසැරිය නිමකරයි
ශ්‍රී ලංකා පාපැදි...
Web image new template new (1)-Recovered-Recovered
ශ්‍රී ලංකා-ඉන්දීය මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ (SLIMFA) සහකාර ලේකම් ධූරයට විමුක්ති දුෂ්‍යන්ත පත් වෙයි!
මෙරට මාධ්‍ය, මහජන...

උණුසුම් පුවත්

ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ලෙස යළිත් !
ශ්‍රී ලංකා පොලිස්...
Web image new template new (1)-Recovered-Recovered
බස් ගාස්තු 2.5% අඩු කිරීම අවිනිශ්චිතයි: ඉන්ධන මිල සූත්‍රය බලපායි!
ජූලි 01 වැනිදා සිට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered copy 2
රාජ්‍ය සේවයට තිස්දහසක්
රාජ්‍ය පරිපාලන,...
news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
රජය රෝහල් 130 ක ඔසුසල් පිහිටුවීමට යයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...

Categories