2025 ජූනි 27 සිකුරාදා, 19:58
නවතම පුවත්

NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි

ජාතික ජන බලවේගයේ (NPP) කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා පැදවූ මෝටර් රථය ඊයේ (ජුනි 26) රාත්‍රී 11.30ට පමණ හෙනගම නගරයේදී අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ ඒ මහතාව වහාම මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, වාසනාවකට මෙන් ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ මෝටර් රථයේ එයාර් බෑග් විවෘත වීම හේතුවෙනි.
මෙම අනතුර හේතුවෙන් හෙම්මාතගම නගරයට මෙන්ම අවට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වූ අතර, විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ නිලධාරීන් කඩිනමින් පැමිණ මාර්ගයට වැටී තිබූ විදුලි රැහැන් ආරක්ෂිතව ඉවත් කර විදුලිය යථා තත්ත්වයට පත් කර තිබේ.රෝහල්ගතව ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින්, තම කාර්යබහුලත්වය හේතුවෙන් ඇති වූ අධික වෙහෙස අනතුරට හේතුවූ බව පැවසීය.”දින හතරක් පමණ එක දිගට පක්ෂයේ සහ ජනතාවගේ විවිධ කටයුතු වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමට සිදුවුණා. මාගේ පක්ෂ කාර්යාලය අරණායක තියෙන්නේ. සාමාන්‍යයෙන් එහි වැඩ ඉවර කරලා මම නිවසට එනකොට මධ්‍යම රාත්‍රීය වෙනවා. රියදුරා අරණායක ප්‍රදේශයේ කෙනෙක් නිසා මම ඔහු එක්කරගෙන එන්නේ නැහැ. කිලෝමීටර් 8ක පමණ දුර හැමදාම පදවාගෙන නිවසට එන්නේ මම තනිවම.අනතුර සිදුවූ ආකාරය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, “මේ අනතුර වුණේ නින්ද ගිහින්. හැපෙනකොට තමයි දන්නේ අනතුරක් වුණා කියලා. නමුත් ඒ වන විට මම පැමිණියේ ඊට වඩා අපහසු මාර්ගයක. නිවස පෙනිපෙනී තමයි මේ අනතුර සිදුවුණේ.සිද්ධියෙන් පසු පොලීසිය සහ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ තත්ත්වය නිරීක්ෂණය කර ඇති අතර, හානි වූ විදුලි කණුවට ගෙවීමට අවශ්‍ය ඇස්තමේන්තු සකස් කිරීමට ද ඔවුන් උපදෙස් දී ඇත. “එතන ගැටලුවක් නැති නිසා වාහනය පටවාගෙන ගරාජ් එකට අරන් ගියා,” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
ශිරන්තිගේ සහෝදරයා රක්ෂිත බන්ධනාගාරයට
එළැඹෙන ජූලි පළමු...
news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
රජය රෝහල් 130 ක ඔසුසල් පිහිටුවීමට යයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...

උණුසුම් පුවත්

news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...
555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...

දේශපාලන

news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
රජය රෝහල් 130 ක ඔසුසල් පිහිටුවීමට යයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...
Web image new template new (1)-Recovered-Recovered
රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
අල්ලස් නඩුවකට අදාළව...

Categories